අප මහා තිලෝගුරු බෝසතාණන් වහන්සේගේ ඉපදීම, බුදුවීම, පිරිණිවන්පෑම සිහිකරන සහ තවත් ශාසනික වැදගත් කාරණා රැසක් සිදු වූ පින්බර වෙසක් පොහොය දිනය අදයි.

ලොවපුරා බෞද්ධ පින්වතුන් අද දිනය විවිධ පින් කටයුතු වලින් සමරනු ලබයි.

ශ්‍රී ලාංකිකයින්ටත් මෙවර වෙසක් පොහොය වැදගත් වනුයේ, වසර 03කට පසු වෙසක් සැමරීමට අවස්ථාවක් උදාවීමයි.

පාස්කු බෝම්බ ප්‍රහාරය සහ කොවිඩ් වසංගතය හේතුවෙන් වසර 03ක් ශ්‍රී ලාංකික බෞද්ධයින්ට වෙසක් සැමරීමට නොහැකි විය.

මේ වසරේත් රට තුල දරුණු ආර්ථික අපහසුතාවක් පැවතියත් දන්සල්, තොරණ, පහන් කූඩු ඇතුළු සැමරීම් රැසක් සංවිධානය කර ඇති බව වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published.