ඇතිමලේ පොලිස් වසමට අයත් පද්මයාය ප්රදේශයේ දී ඉකුත් 18 දා පැලකින් බිමට වැටීමෙන් තිදරු පියෙකු මියගොස් ඇතැයි ඇතිමලේ පොලිසිය පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ ඇතිමලේ, තිස්සපුර 28 කොටස පදිංචි සුනිල් කරුණාරත්න නොහොත් සමන්ත (44) නමැති අයෙකි.
හෙතෙම ඉකුත් 17 වෙනිදා සවස උක් වගාව වන සතුන්ගෙන් බේරා ගැනීමට උක් වගාවේ වාඩියට ගොස් ඇති අතර පසුදින නොපැමිණීම නිසා ඔහුගේ ඥාතීන් දෙදෙනෙකු උක් වගාබිමට ගොස් ඇත. එසේ ගිය විටදී උක් වගාවේ ගසක් උඩ ඉදිකර තිබූ පැල යට ඔහුගේ මළසිරුර තිබී හමුවී ඇත.
මියගිය අයගේ මරණය පිළිබඳව පශ්චාත් මරණ පරීක්ෂණය මොනරාගල දිස්ත්රික් මහ රෝහලේදී පැවැත්විණි.
ඇතිමලේ පොලිස් ස්ථානාධිපති එම්. එම්. සංජය ධර්මදාස මහතා පරීක්ෂණ පවත්වයි.
බඩල්කුඹුර – රවිඳු ගුණතිලක