හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා යළි මෙරටට පැමිණ තිබේ.

ඒ අනුව ඒ මහතා සිංගප්පූරුවට අයත් SQ 488 දරණ ගුවන් යානයෙන් ඊයේ (02) රාත්‍රී 11.45 ට පමණ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණ ඇති බව සඳහන්.

රටේ පැනනැඟුණු ජනතා අරගල හමුවේ ගෝඨාභය රාජපක්ෂ මහතා රටින් පිටව ගියේ පසුගිය ජුලි 13 වනදා ය. එදින සිට මාසයකුත් දින 20ක කාලයක් ඒ මහතා මාලදිවයින, සිංගප්පූරුව සහ තායිලන්තය යන රටවල රැඳී සිටියේය.

Leave a Reply

Your email address will not be published.