හෙට (04) දිනයේ පාර්ලිමේන්තුව රැස් වීමට නියමිත අතර හෙට පාර්ලිමේන්තුව වැටලීමේ සූදානමක් පවතින බවට තොරතුරු වාර්තා වේ.
ජන හඬට කන් නොදීම සහ පවතින දරාගත නොහැකි ජීවන වියදමට එරෙහිව හෙට දිනයේ පාර්ලිමේන්තුව වටලා දේශපාලකයින් පාර්ලිමේන්තු අඩස්සියේ තැබීමට සැලසුම් කර ඇති බවටයි වාර්තා වන්නේ.
එමෙන්ම හෙට දිනයේ ආරක්ෂක අංශ පාර්ලිමේන්තුවේ ආරක්ෂාව තර කිරීමට තීරණය කර ඇති බවද වාර්තා වේ.
කෙසේනමුත් හෙට දිනයේ පාර්ලිමේන්තුව ආශ්රිතව නොසන්සුන්තාවක් ඇතිවිය හැකි බවටත් ආරක්ෂක අංශ ඉහළ නිලධාරීන් දැනුවත් කර ඇති බවද වාර්තා වේ.