පාර්ලිමේන්තුව අද සිට ලබන සිකුරාදා දක්වා රැස්වනවා.
කාර්මික ආරවුල් (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම අද දිනට යෙදී තිබෙනවා.
හෙට පෙ.ව 11.00 සිට ප.ව 5.30 දක්වා විපක්ෂය ගෙනෙන යෝජනාවකට අනුව රටේ වත්මන් සෞඛ්‍ය ක්ෂේත්රයේ ගැටලූ පිළිබද සභාව කල් තැබීමේ විවාදය පැවැත්වීමට නියමිතයි.
පසුගිය මාර්තු 8 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද නව වැනි පාර්ලිමේන්තුවේ දෙවැනි සභාවාරයට අදාළ පොදු ව්‍යාපාර පිළිබද කාරක සභා පළමු වාර්තාව පිළිබඳ සභාව කල් තැබීමේ විවාදය ලබන 23 වැනිදා පෙ.ව 11.00 සිට ප.ව 5.30 දක්වා පැවැත්වෙනු ඇති.