රටේ සමාජ හා ආර්ථික තත්වය ඉතා වේගයෙන් දරුණු අවපාතයකට ගොස් ඇත.

පෙට්‍රල් ටික ගන්න එන ජනතාව මරාගන්නා තත්වයට පත්ව ඇත. ගෑස් පෝලිම් වල අඩදබර දිවයින පුරාම වාර්තා වෙයි.

මිනිසුන්ගේ ආතතිය උපරිම සීමාවත් පැන තිබේ. රට සත්‍ය වශයෙන්ම අරාජිකත්වයෙන් අරාජිකත්වයට පත්ව ඇති මොහොතක් ලෙස මේ වනවිට දක්නට ලැබේ.

ලොකු මිනිහාගේ සිට පොඩි මිනිහා දක්වාම එකලෙස රටම පත්ව ඇත්තේ අතිශය දුක්ඛිත හා දැඩි අපහසු කාල රාමුවකටය.

මේ අතරේ ජනතාවගේ අප්‍රසාදය තවදුරටත් ඉහළ නංවමින් පුරා දින 04ක් පාර්ලිමේන්තුව වෙන්කර තිබුනේ මන්ත්‍රීවරුන්ගේ නිවාස වලට සිදු වූ හානිය පිළිබඳ දුක කියන්නටය.

ගෙවල් ගිණිතැබීම අප කිසිවිටෙකත් අනුමත නොකරන්නෙමු.

නමුත්, ඒවා ගිණිතැබීම් සිදු වූයේ නිකම්ම නොවෙයි. ඒ තැනට ජනතාව ගෙන ගියේ මේ පාර්ලිමේන්තුවේම ඉන්න ගව රැල විසින්මය.

එම සිදුවීම නීතියට භාර නොදී තවදුරටත් හෝද හෝද මඩේ දැමීමෙන් දේශපාළුවන් බලාපොරොත්තු වන්නේ කුමක්ද?

එදා 09 වනදා පාදඩ දේශපාළුවන් ජනතාව උසි ගන්වන ආකාරය අපි රූපරාමු සහිතව දැක්කෙමු. ඒ දේශපාලන බේබිලා ඊයේ පාර්ලිමේන්තුවෙන් සාධාරණ පරීක්ෂණ ඉල්ලනු දක්නට ලැබින.

මේ අවනඩු ජනතාව වන අප කාට කියම්ද?

පාර්ලිමේන්තුවේ එකෙක්.. තෙල් ප්‍රශ්නෙ ගැන.. ගෑස් ප්‍රශ්නෙ ගැන.. ඒවාට විසඳුම්.. ඉදිරිපත් කරන්නේ නැත…

සැබවින්ම 225 රටට සාපයක් වී හමාරය.

අන්ත අසරණ වෙලා ඉන්න ජනතාවගෙන් “ආතල්” ගන්නා මෙවන් දේශපාළුවන් ලෝකයේ තවත් රටක සිටීදැයි සැක මතුවෙයි.

ඒ තරම්ම ජනතාව මේ වනවිට පීඩාවට පත් කර හමාරය…

මේ ගව රැල නම් හැදෙන පාටක් නැත..

අපේ සංවරභාවය තවදුරටත් රැකගමු.. විසඳුම් පේනතෙක් මානයක නැති ගැටළු ගැන අපි මීට වඩා සැලකිලිමත් වෙමු…

මොකද අඩදබර වලින් හානියක් වන්නේ අපි අපිටමය..

ඉවසන්න අමාරුම වෙලාවෙ තමයි අපි ඉවසන්න ඕනි.. දැනුවත්ව හෝ නොදැනුවත්ව අපිම පත්කර ගත් මේ ගව රැලට දුන් වරප්‍රසාද අනුව උන්ගේ නාරි නැටුම් බලා හිඳිනවා විනා මේ මොහොතේ කුමක් කරම්දැයි ඔබ සිතන දේ අපිටත් කමෙන්ට් කරන්න…

  • JUST IN NEWS TEAM – JustinNews

Leave a Reply

Your email address will not be published.