සිය නිවසේ ඉහළ මාලයෙන් වැටී හැටන් බිංගෙය අසල ප්රදේශයේ තරුණයෙක් මියගොස් තිබෙනවා.
වයස අවුරුදු 31ක් වන සින්දු ශිවා නම් තරුණයා මෙලෙස මියගොස් ඇති අතර ඔහු එම අවස්ථාවේ බීමතින් සිට ඇති බවටයි වාර්තා වන්නේ.
පෙරේදා (01) පස්වරුවේ මෙලෙස නිවසේ ඉහළ මාලයෙන් මෙම තරුණයා වැටී ඇති අතර ඊයේ උදෑසන රෝහල්ගත කරන විටත් තරුණයා මියගොස් සිට තිබෙනවා.
මොහු විවාහ වී මාස කිහිපයක් වන අතර බිරිඳ ගැබිණි මවක් බවටද වාර්තා වේ.