එංගලන්තයේ පැවති පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ දී ශ්‍රී ලංකාවට මල්ලව පොර ඉසවුවෙන් පළමු වරට පදක්කමක් දිනා දුන් නෙත්මි අහින්සා ක්‍රීඩිකාව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා හමු වී ඇත.
සිය සමාජ ජාල ගිණුම ඔස්සේ අදාල පින්තූර පල කරමින් මන්ත්‍රීවරයා මෙසේ පවසයි.
“පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලකදී මෙරට පළමු මල්ලවපොර පදක්කම දිනු නෙත්මි අහිංසා ගේ එම විශ්මිත ජයග්‍රහණය 🥉සැබවින්ම රටට විශාල ගෞරවයක්. විවිධ දුෂ්කරතා මධ්‍යයේ වුවද නිවැරදි ආකල්පයන් හා අධිෂ්ඨානශීලිත්වය තුළින් ජයග්රහණයන් දිනා දිය හැකි බව ඇය රටටම ආදර්ශයෙන් ප්‍රකට කළ කරුණයි”