රට අගාධයකට ඇද දමා ජන ජීවිතය විනාශ කල, ගෝඨා – මහින්ද ආණ්ඩුව සුණුවිසුණු කිරීමට තරුණ අරගලයට හැකි විය. එය අරගලයේ තවත් එක් ජයග්‍රහණයකි.

දැන් ඇරඹෙන්නේ අලුත් කසාදයකි.

ගෝඨා – රනිල් අණ්ඩුවක් ගැන මාධ්‍ය මගින් ඊයේ රාත්‍රියේ කියැවින. එය සත්‍යයක් නම්, අද හෝ හෙට රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍ය ධූරයේ නැවතත් දිවුරුම් දෙනු ලබනවා.

රනිල්ට ගහන්න මොළයක් නෑ… කියමන නැවත වරක් තහවුරු කරමින් ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පැමිණි පක්ෂයේ එකම මන්ත්‍රීවරයා අගමැති ධූරයට පත් වීම මෙරට දේශපාලන ඉතිහාසයේ පළමු වරට සිදු වන්නකි.

රනිල්ට ගහන්න මොළයක් නෑ… යැයි කීවේ එයටය. දේශපාලන හැසිරවීම් වලට ඔහු අතිදක්ෂයෙකි.

නමුත්… මේ වනවිට රටතුල පැන නැගී ඇති ගැටළු වලට ස්ථීර විසඳුම් සෙවීමට ගෝඨාභයටත් රනිල්ටත් නව අමාත්‍ය මණ්ඩලයටත් අතිශය අභියෝගාත්මක අවස්ථාව නිසි පරිදි සිදු කරන්නේ දැයි ජනතාව කල්පනාකාරී විය යුතුමය.

මන්ද අවුරුදු 05ක් මෛත්‍රී – රනිල් අනාගත් හැටි අපට හොඳින් මතක හෙයිනි. එය අවසන් වූයේ ම්ලේච්ඡ බෝම්බ ප්‍රහාරයකිනි. මන්ද කවුරුත් විසින් සිදු කලත් එය වළක්වා ගැනීමට තිබූ ප්‍රහාරයක් බැවිනි.

මා සිතන ආකාරයට ජනාධිපතිතුමා නම් ඉල්ලා අස්වන්නේ නැත. ඉවත් කිරීමක් කිරීමට හැකි වුවත් එය මේ මොහොතේ ප්‍රායෝගික නොවනු ඇත. මන්ද දෝෂාභියෝගයකින් නීතිමය පියවරකට ගියහොත් නඩුව අවසන් වනවිට ධූර කාලයද අවසන් වන බැවිනි.

කෙසේනමුත් අපට අවශ්‍ය වන්නේ අපි වැටිල ඉන්න තැනින් නැගිටින්නය. (වැටිල කිව්වට වට්ටපු කියන්න ඕනි)

අවසානයේ කිව යුත්තක් ඇත…

අපිව මේ තැනට තල්ලු කර ජනතාව නැති භංගස්ථාන කල සියළු දේශපාළුවන් එකට එක්ව දැන් යළිත් කල හැකි සියළු කැපකිරීම් සිදු කර ජනතාව නගා සිටුවිය යුතුමය.

“මෙය මා විසින් නිර්මාණය කල අර්බුදයක් නොවේ” යැයි ජනාධිපතිගේ සිට නගර සභා මන්ත්‍රී දක්වා කිසිවෙකුටත් කිව නොහැක.

එසේ නොමැති වුවහොත් ජනතා ප්‍රතිචාරය මීට වඩා දරුණු වනු ඇත.

රටට යහපත්.. ජනතාවගේ දුක් නිමන නව රජයක බලාපොරොත්තුවෙන් දෙකෝටි විසි ලක්ෂයක් ජනතාව බලා සිටින බව නියෝජිතයින් 225ම හිතට ගන්නේ නම් යහපති.

නැත්නම් ඔබටත් සිදු වන්නේ නාකි මයිනෙකු මෙන් කූඩුවක සිරවී මියැදීමටය.

නුවන් කුමාර,
අධ්‍යක්ෂක : ජස්ට් ඉන් නිව්ස්

සැකසුම – තෙනුල් සත්නිඳු
ප්‍රවෘත්ති අධ්‍යක්ෂක : ජස්ට් ඉන් නිව්ස්

Leave a Reply

Your email address will not be published.