ලුණුගල ප්‍රදේශයේදී 14 හැවිරිදි බාලවයස්කාර දැරියක් පැහැරගෙන යාම සම්බන්ධයෙන් ඇගේ පෙම්වතා සහ තවත් පුද්ගලයෙකු පොලිස් විශේෂකාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් විශේෂකාර්ය බලකාය සඳහන් කළේ, ලුණුගල පොලිස්ථානාධිපතිවරයා විසින් කරන ලද ඉල්ලීමකට අනුව පොලිස් විශේෂකාර්ය බලකා නිලධාරීන් කළ වැටලීමකදී දැරිය සොයා ගත් බවයි.

පැහැරගෙන ගොස් ඇත්තේ ලුණුගල ප්‍රදේශයේ පදිංචි දැරියකි. 

උඩකිරුව රක්ෂිතයේ දින 08 ක් තිස්සේ දැරිය රදවාගෙන සිට ඇති බව පොලිස් විශේෂකාර්ය බලකාය සඳහන් කළේය.

පැහැර ගැනීම සම්බන්ධයෙන් ලුණුගල සහ බේරුවල පදිංචි 18 සහ 53 හැවිරිදි දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

Leave a Reply

Your email address will not be published.