මල්වාන වල්ගම ප්රදේශයේ නේවාසිකාගාරයක කාමරයක පවුලේ අය සමග නවාතැන් ගෙන සිටි දස හැවිරිදි පාසල් දැරියක් නාන කාමරයේ දිය නාමින් සිටියදී ඇයව ජංගම දුරකථනයකින් වීඩියෝ කළ බව කියන තිස්හත් හැවිරිදි අයෙකු බියගම පොලිසිය මගින් පෙරේදා (04 වැනිදා) දහවල් අත්අඩංගුවට ගෙන ඇත.
මෙම දැරිය නාන කාමරයට ගොස් දිය නාන විට සැකකරු නාන කාමරයේ කවුලුවෙන් ඇයව ජංගම දුරකථනයෙන් විඩීයෝ කර තිබෙන බව කියයි.
මේ අවස්ථාවේ දැරියගේ මවුපියන් රැකියාව සඳහා ගොස් සිටි අතර කාමරයේ හිඳ තිබෙන්නේ ඇයගේ ආච්චි අම්මා පමණකි.
සිද්ධිය දුටු මේ බව ආච්චි අම්මාට පැවසීමෙන් පසුව පොලිසියට කරන ලද පැමිණිල්ලක් මත සැකකරු සිය ජංගම දුරකථනය සමග අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු නවාතැන් ගෙන තිබෙන්නේ ද මේ නේවාසිකාගාරයේම වෙනත් කාමරයක වන අතර ඔහුගේ බිරිඳ විදේශ ගත වී සිටී.
සැකකරු බුලත්කොහුපිටිය ප්රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහු වෘත්තියෙන් පෙදරේරුවෙකු වේ.
අත්අඩංගුවට ගන්නා ලද සැකකරු මහර මහෙස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කර ගෙන යයි.
බියගම පොලිස් ස්ථානාධිපති ප්රධාන පොලිස් පරීක්ෂක අජන්ත පුෂ්පකුමාර මහතාගේ උපදෙස් අනුව විවිධ පැමිණිලි විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්රධාන පොලිස් පරීක්ෂක එස්. ඩී. ගරුසිංහ හා කාන්තා පො. කො. දිල්රැක්ෂි ( 11651 ) යන නිලධාරීහු විසින් සැකකරු අත්අඩංගුවට ගත්හ.
Wow! Thank you! I always needed to write on my site something like that. Can I take a part of your post to my blog?