ඊළඟට පවත්වන මැතිවරණයකින් පොහොට්ටුවට පාර්ලිමේන්තුව මන්ත්‍රීවරුන් දහ දෙනෙකුවත් දිනාගත නොහැකි බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා සඳහන් කරයි.

ඒ හේතුවෙන් ආණ්ඩුව මේ මොහොතේ මැතිවරණයකට යාමට බිය වී ආණ්ඩු බලය තව දුරටත් පවත්වාගෙන යාමට මාර්ග සොයමින් සිටින බවද පවසන ඔහු පවසයි.

නමුත් ඇතිවී තිබෙන තත්ත්වය මත මේ මොහොතේ මැතිවරණයක් පැවැත්වීම අත්‍යවශ්‍ය බව ද ඔහු කියා සිටියි.

කෙටි කාලයක් තුළ ජනතාවට අත්‍යවශ්‍ය දෑ සැපයීමෙන් අනතුරුව මැතිවරණයකට පැවැත්විය යුතු බව ද පැවසූ ඔහු අද වන විට ජනතාව ඡන්දයක් ඉල්ලා සිටින බවද කියා සිටියේය.

Leave a Reply

Your email address will not be published.