මැයි මස 25 වන දා කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට පිවිසෙන මාර්ගය අසල පොලිස් මාර්ග බාධකයේ සිටි නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම ඇතුළු චෝදනා සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් වූ රැට්ටා හෙවත් රතිදු සේනාරත්න ඇතුළු 8 දෙනෙකු ශරීර ඇප මත මුදා හැරීමට කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.

කොළඹ, කොටුව මහෙස්ත්‍රාත් තිලිණ ගමගේ අද (අගෝ. 9) එම නියෝගය නිකුත් කර ඇත.

මීට පෙර අධිකරණය විසින් නිකුත් කරන ලද නොතීසි අනුව සත්‍යවේල් පියතුමා, දමිතා අබේරත්න, රැට්ටා හෙවත් රතිඳු සේනාරත්න, ජගත් මනුවරණ, ජෝසෆ් ස්ටාලින් ඇතුළු සැකකරුවන් අට දෙනෙකු අධිකරණය හමුවේ පෙනී සිට තිබේ.

මැයි මස 25 වන දා කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය අසල පිවිසෙන මාර්ගයේ පිහිටි පොලිස් මාර්ග බාධකයේ සිටි නිලධාරීන්ට සහ බන්ධනාගාර බස් රථයකට බාධා කිරීම සම්බන්ධයෙන් එම සැකකරුවන් අධිකරණය හමුවට ඉදිරිපත් කර ඇති බව අධිකරණය හමුවේ කරුණු දක්වමින් කොම්පඤ්ඤවීදිය පොලිසිය සඳහන් කර ඇත.

සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය මහතා ප්‍රකාශ කර ඇත්තේ, අදාළ නඩුව පොලිසිය විසින් වංචා සහගත ආකාරයෙන් ගොනු කරන ලද්දක් බව ය.

ඒ අනුව, කරුණු සලකා බලා ඇති මහේස්ත්‍රාත්වරයා සැකකරුවන් ශරීර ඇප මත හැර ඇති අතර නඩුව නැවත නොවැම්බර් මස 28 වන දා කැඳවන ලෙස නියම කර තිබේ.

තව ද අදාළ සැකකරුවන්ට හෙට (අගෝ. 10) කොම්පඤ්ඤවීදිය පොලිසියට ගොස් ප්‍රකාශ ලබා දෙන ලෙස ද නියෝග මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත.

Leave a Reply

Your email address will not be published.