තෙල් සංස්ථාව ඇතුළු පාඩු ලබන රාජ්‍ය ආයතන විසින් වසරකට බෝනස් දීමනා තුනක් ලබාදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස් බී දිසානායක මහතා සඳහන් කරයි.

ඉන්ධන ගෑස් නැතිවීස ජනතාවගේ වරදක් නොව ආණ්ඩුවේ වරදක් බව ද හෙතෙම පැවසීය.

තෙල් සංස්ථාව, වරාය, විදුබල මණ්ඩලය වැනි ආයතන වල සේවකයන් නිකං සිට රුපියල් ලක්ෂය ඉක්මවූ මාසික වැටුප් ලබන බවද මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

අලාභ ලබන ආයතන පෞද්ගලීකරණය කිරීම වඩා යෝග්‍ය බව ද හෙතෙම කියා සිටියේ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ මූලස්ථානයේදී මාධ්‍ය අමතමිනි.

Leave a Reply

Your email address will not be published.