රටේ ආර්ථික අර්බුදය,යහපත් වීමට පෙර නරක අතට හැරෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ බී.බී.සී පුවත් සේවය සමග පැවති සම්මුඛ සාකච්ඡාවකදී පැවසුවේය.

එහිදි අග්‍රාමාත්‍යවරයා මෙසේ ද කීය.

ශ්‍රී ලංකාව ඉන්ධන හිඟයකට මුහුණ පා ඇති අතර අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල ගණන් ඉහළ යාම හේතුවෙන් ඇතැම් ශ්‍රී ලාංකිකයන් කෑම වේලවල් මඟ හැරීමට පෙළඹීලා. නමුත් ඉදිරියේදී කිසිම පවුලක් බඩගින්නේ නොතබන්නට කටයුතු කරනවා.

සෑම පවුලකටම දිනකට ආහාර වේල් තුනම ලබා ගත හැකි තත්ත්වයක් ඇති කරන බව වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.

රාජපක්ෂ රජයේ තිබූ ප්‍රතිපත්ති සියල්ල වෙනස් කරන බවත් ජාත්‍යන්තර ප්‍රජාව අමතමින් අවුරුද්දක කාල සීමාවක් සඳහා ශ්‍රී ලංකාවට සහාය අවශ්‍ය බවත් ලබා දෙන සියල්ල ආපසු ගෙවන බවත් පැවසුවේය.

සියලු දේ යථා තත්ත්වයට පත් කරන බවත් එතෙක් ඉවසීමෙන් සිටින ලෙසත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටියේය.

#JustinNews www.justinnews.lk

Leave a Reply

Your email address will not be published.