මීලඟ ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීම සඳහා රනිල් වික්‍රමසිංහ, ඩලස් අලහප්පෙරුම සහ අනුර කුමාර දිසානායක යන මන්ත්‍රීවරුන්ගේ නම් අද උදෑසන පාර්ලිමේන්තුවට යෝජනා විය.
හෙට පෙ.ව. 10:00ට පාර්ලිමේන්තුවේ දී ජනාධිපති නිලවරණය පැවැත්වීමට නියමිතයි.
ඩලස් අලහප්පෙරුමගේ නම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් ඉදිරිපත් කිරීම සහ පොදුජන පෙරමුණේ සභාපති G.L. පීරිස් විසින් එය ස්තීර කිරීම විශේෂත්වයක් විය