දෙල්ගොඩ සියඹලාපේවත්ත ආරියදාස විදානගේ මාවත ප්‍රදේශයේ තම නිවසේ නිදා සිටි පුද්ගලයකු ඊයේ (09දා) අලුයම් කාලයේ සිය නිදි යහන මත ඝාතනය කර ඇතැයි මීගහවත්ත පොලිසිය පවසයි.

මෙසේ ඝාතනය කර ඇත්තේ සියඹලාපේවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි වෘතියෙන් ත්‍රිරෝද රථ රියැදුරකු වන වනසිංහ ආරච්චිගේ මධුර ඉන්දුජිත් නැමති හතළිස් අට වියැති දෙදරු පියෙකි.

තියුණු ආයුධයකින් ගෙල ප්‍රදේශය කපා මෙම ඝාතනය සිදුකර ඇති බවද පොලිසිය පවසයි. මරණකරුගේ භාර්යාව විදෙස්ගතව

රැකියාවක නිරතව සිට ඇති බවත් කලක සිට මේ දෙදෙනා අතර අඩදබර නිතර සිදුව ඇති බවත් වසරකට පමණ පෙර සැමියා හැරදමා බිරිඳ වෙන්ව සිටි බවටද මරණකරුගේ පියා වන ඩබ්ලිව්. ඒ. ඩී. පියතිස්ස මහතා පැවසීය.

ඝාතනය සිදුවූ ස්ථානයට ඊයේ දහවල් පැමිණි මහර වැඩබලන මහෙස්ත්‍රාත් දේශාන් පෝල් මහතා මූලික මහෙස්ත්‍රාත් පරීක්ෂණ කටයුතු සිදුකර මළසිරුර පශ්චාත් වෛද්‍ය පරීක්ෂණ කටයුතු සඳහා රාගම මහ රෝහලේ මෘතශරීරාගාරය වෙත රැගෙන යෑමට නියෝග කළේය

Leave a Reply

Your email address will not be published.