ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා ඇතුළු පිරිසක් පාර්ලිමේන්තුවේ වෙනම කණ්ඩායමක් ලෙස කටයුතු කිරීමට තීරණය කර තිබේ.

එම කණ්ඩායමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් දහසය දෙනකු ඇතුළත් වී සිටී.

ඒ අනුව එම කණ්ඩායම පාර්ලිමේන්තුවේ විපක්‍ෂය නියෝජනය කරන ස්වාධීන කණ්ඩායමක් ලෙස ඉදිරියේදී කටයුතු කිරීමට නියමිතව ඇත.

මෙම කණ්ඩායම ඉදිරියේ දී නව දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැගීම සම්බන්ධයෙන්ද අවධානය යොමු කර ඇත.

Leave a Reply

Your email address will not be published.