ජනපති මන්දිරයේ ඉහළ මාලයට ප්රවිශ්ඨ වීමේ පියගැටපෙළ ප්‍රතිසංස්කරණය කිරීමට රුපියල් කෝටි දහයකට වඩා වැඩි මුදලක් වැයවෙනු ඇතැයි පුරාවිද්‍යා නිලධාරීන් පවසා තිබෙනවා.
පසුගියදා අරගලයෙන් පසුව විවිධ පිරිස් එම ස්ථානය නැරඹීමට පැමිණි අතර එම පියගැට පෙළට හානි සිදුවී තිබෙනවා.
එමෙන්ම සොල්දරයේ බාල්ක තුනක් පමණ ගැලවී ඇති අතර පුරාවිද්‍යා වටිනාකමකින් යුත් පියගැටපෙළට හානි සිදු වී ඇති නිසා එය අලුතින්ම සකස් කිරීමට සිදුවන බවයි වාර්තා වන්නේ.