අරගලයේ ජනතාව විසින් අත්පත් කරගෙන සිටින කොටුව ජනාධිපති මන්දිරයේ ඉහත මාලයේ සොල්දරය කඩා වැටීමේ අවදානමකට පත්ව ඇති බව වාර්තා වේ.
අරගලයේ ජනතාව විසින් අත්පත් ගැනීමෙන් පසු එහි විශාල පිරිසක් ගමන් කිරීම හේතුවෙන් මෙම අවධානමට පත්ව ඇති බවටයි වාර්තා වන්නේ.
සොල්දරයට නගින ලී තරප්පු පෙළේ ද කොටස් කැඩීගොස් ඇති බව වාර්තා වේ.
මේ හේතුවෙන් මන්දිරයේ රැඳී සිටි පිරිස් විසින්ම එම මාලයට “ඇතුළුවීම තහනම්” යනුවෙන් පුවරුවක් ප්‍රදර්ශනය කර තිබින.
මන්දිරය පරීක්ෂා කරන ලද පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන ලද්දේ පෞරාණික භාණ්ඩ රැසකට හානි සිදුව ඇති බවයි.
කෙසේනමුත් අරගලයේ ජනතාව ඊයේ මන්දිරය භාර දෙන අවස්ථාවේ හොඳින් පිරිසිදු කිරීම් කටයුතු සිදු කර ඇති ආකාරය දක්නට ලැබින.


