දින 125ක් පුරා ගාලු මුවදොර පිටියේ පවත්වාගෙන ආ විරෝධතාවය එම ස්ථානයෙන් ඉවත් වන බව එහි සංවිධායකයෝ කියා සිටියහ.
රංගන ශිල්පිනී දමිතා අබේරත්න මහත්මිය ගාළු මුවදොර දී මාධ්‍ය වෙත කියා සිටියේ එම ස්ථානයෙන් ඉවත් වුවද අරගලය අවසන් නොවන බවයි.
භෞතිකව අරගල භූමියෙන් ඉවත් වුවද අරගලය අවසන් නැති බවත් ඇය සඳහන් කළාය.
අරගලය අවසන් කරන බව සඳහන් කරමින් ජන සුනාමියක් ලෙස කොළඹට පැමිණෙන්නැයි විවිධ සංවිධාන වලින් ඉල්ලා සිටිය ද එසේ ජනතාවක් ඊයේ (09) මුවදොර පිටියට රැස් වූයේ නැත.