ලංකාව බරපතළ අර්බූදයකට පත්ව ඇති මේ මොහොතේ චීන සන්නිවේදන නෞකාවකට හම්බන්තොට වරායට පැමිණීමට ඉඩ ලබා දීම දැඩිව හෙළා දකින බවත්, මේ හේතුවෙන් තවත් ජාත්‍යන්තර අර්බූදයකට රට තල්ලු විය හැකි බවත් ශ්‍රී ලංකා අමරපුර ශ්‍රී සම්බුද්ධ ශාසනෝද්‍ය සංඝ සභාවේ මහානායක හිමියන් වන අතිපූජ්‍ය වස්කඩුවේ මහින්දවංශ හිමියෝ සදහන් කර සිටිති.
නිවේදනයක් නිකුත් කරමින් උන්වහන්සේ පෙන්වා දෙන්නේ මෙම නෞකාව හේතුවෙන් ලෝකයේ විවිධ රටවල්වල උණුසුම් තත්ත්වයක් මතු වී ඇති බවකි.