ජනාධිපති ලේකම් කාර්යාලයේ තවදුරටත් රැඳී සිටින ගාළු මුවදොර අරගලයේ ජනතාව ඉවත් කර ගැනීම සඳහා අධිකරණ නියෝගයක් ලබා ගැනීමට කොටුව පොලිසිය සූදානම් වෙයි.

නීතිපති දෙපාර්තමේන්තුවෙන් ඒ සඳහා අවශ්‍ය උපදෙස් ලබා දී ඇතැයිද වාර්තා වෙයි.

ජනාධිපති ලේකම් කාර්යාලයේ ඇති දේපළ ආරක්ෂා කරන අද ලෙස එහි ලේකම්වරයකු කොටුව පොලිසිය වෙත කරන ලද පැමිණිල්ලකට අදාළව මෙම අධිකරණ නියෝගය ගැනීමට පොලිස් මූලස්ථානය තීරණය කර තිබේ.

මේ අතර ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ ඊයේ දිනයේ පැවසුවේ අරගලය මුවාවෙන් ජනාධිපති කාර්යාලය අගමැති කාර්යාලය අත්පත් කර ගැනීම නීති විරෝධී බවයි.

එනිසා එවැනි පුද්ගලයින්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන බව ද ඔහු සදහන් කලේය.

එම ස්ථානයේ නවතම දර්ශන –

Leave a Reply

Your email address will not be published.