ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිය ධුරයෙන් ඉල්ලා අස් වී ඇතැයි මාලදිවයිනේ කතානායක සහ හිටපු ජනාධිපති මොහොමඩ් නෂීඩ් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කරයි.
ශ්රී ලංකාවට දැන් ඉදිරියට යා හැකි බවත් ජනාධිපතිවරයා ශ්රී ලංකාවේ සිටියා නම් ජීවිත බිය නිසා ඔහු ඉල්ලා අස් නොවනු ඇති බවත් හෙතෙම පවසයි.
මාලදිවයිනේ ජනතාවගේ කල්පනාකාරී ක්රියා තමා අගය කරන බවත් මොහොමඩ් නෂීඩ් කියයි.
ශ්රී ලංකාවේ ජනතාවට මගේ උණුසුම් සුබ පැතුම් පිරිනමන බව ඔහුගේ ට්විටර් පණිවුඩයේ දැක්වේ.