හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා යළි ශ්‍රී ලංකාවට පැමිණෙන දිනය තමාට ස්ථිර වශයෙන් තවමත් දැනුම් දුන්නේ නැතැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රධාන පුවත්පතකට ප්‍රකාශ කර තිබෙනවා.
එම පුවත් පත නැගූ ප්‍රශ්න කීපයකට මහින්ද රාජපක්ෂ මහතා පිළිතුරු දී ඇත්තේ මෙසේය.
ප්රශ්නය – ගෝඨාභය මහත්මයා රටින් පැනලා ගියේ ඇයි?
පිළිතුර – එයා පැනලා ගියා කියලා චෝදනා නගන්නේ කවුද?
ප්රශ්නය – ජනතාව
පිළිතුර – ඕනෑ කෙනෙකුට ඕනෑ විදිහකට කියන්න පුළුවන්.
ඒවා ඔක්කෝම නිර්මාණය කරපු කතා.
එයා ගියේ වෛද්‍යවරයා ලවා පරීක්ෂා කරගන්න. (චෙකප් එකකට) එයා ගියේ මටත් කියලයි.