මේ වනවිට මෙරට දේශපාලනයේ අභ්‍යන්තරය දැඩි උණුසුම් මුහුණුවරක් ගෙන ඇති බව ආරංචිමාර්ග පවසයි.

ඊයේ රාත්‍රියේ ජනාධිපතිවරයා ජනතාවට විශේෂ ප්‍රකාශයක් කරමින් සතියක් තුල නව අගමැතිවරයෙක් පත්කරන බව ප්‍රකාශ කලේය.

මේ අතර ඊයේ රාත්‍රියේ රනිල් වික්‍රමසිංහ සමග සාකච්ඡා පැවැත්වීය. පසුව සරත් ෆොන්සේකා සමගත් සාකච්ඡා කර ඇති බවට මාධ්‍ය වාර්තා පළවී ඇත.

සජිත් ප්‍රේමදාස ජනපති සමග කොන්දේසි සහිතව වැඩකටයුතු කිරීමට සූදානම් බව දන්වා ඇතත් මේ වනවිට සජිත් පිලේ 20ක් පමණ ස්වාධීන වීමට තීරණය කර ඇති බව දේශපාලන ආරංචිමාර්ග වාර්තා කර ඇත.

කෙසේනමුත් මේ වනවිට ජනාධිපතිවරයා අගමැති ධූරයට ආරාධනා කල කිසිවෙක් ඊට යහපත් ප්‍රතිචාර නොදක්වා ඇති බවටයි වාර්තා වන්නේ.

තම තමන්ගේ බල පෙරේතකම නිසා රට තවදුරටත් අගාධයකට මේ දේශපාළුවන් ඇද දමමින් සිටින බවත් ඉක්මන් තීරණයක් නොගත හොත් රට සම්පූර්ණයෙන්ම කඩා වැටෙන බවත් හිටපු මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා ප්‍රකාශ කර ඇත.

#JustinNews

Leave a Reply

Your email address will not be published.