පසුගිය 09 වැනිදා අරලියගහ මන්දිරය ආශ්‍රිතව ඇතිවූ පහරදීමේ සිද්ධිය හේතුවෙන් කුපිත වූ පිරිස් ආණ්ඩුවට සම්බන්ධ දේශපාලනඥයන් රැසකගේ නිවාස සහ දේපළ ගිනිබත් කළා.
පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩිගේ නිවෙසද එලෙස ගිනිතැබීමට ලක්ව තිබුණා.
ඊයේ (15) එම නිවෙස නිරීක්ෂණය කිරීමට පැමිණි වීරක්කොඩි මහතා මාධ්‍යවේදීන් හමුවේ පවසා සිටියේ මහජන ඡන්දයෙන් පත්වූ මහජන නියෝජිතයන් පිරිසකගේ උසිගැන්වීම මත තම නිවෙස ගිනිතබා විනාශ කර ඇති බවයි.
එම නිවස තම දෙමාපියන් විසින් මීට අවුරුදු 50කට පෙර හැදූ නිවසක් බවත් නිකරුණේ චෝදනා නගමින් තම නිවස ගිණිතබා විනාශ කිරීම අනුමත කල නොහැකි බවත් චන්දිම පවසයි.