පසුගිය 09 වනදා දිවයිනපුරා මැති ඇමතිවරුන්ගේ නිවාස ඇතුළු දේපළ වලට ගිණිතැබීම සඳහා සම්බන්ධ වූවන් පිළිබඳ තොරතුරු සමාජ මාධ්‍යයේ සහ අදාල ප්‍රදේශ වල තරුණයින් විසින්ම පොලීසියට ලබා දී ඇති බව වාර්තා වේ.
ඇතැම් තරුණයින් මෙම ගිණිතැබීම් වලට සම්බන්ධ වී, ඊට එක් වූ සෙසු පිරිස් පිළිබඳව තොරතුරු ආරක්ෂක අංශ වෙත ලබා දී ඇති බවද වාර්තා වේ.
මේ වනවිට අදාල සිදුවීම් වලට සම්බන්ධව පුද්ගලයින් 200කට වැඩි පිරිසක් පොලීසියෙන් අත් අඩංගුවට ගෙන ඇති අතර,
ඉන් බොහෝ පිරිසක් අත් අඩංගුවට ගෙන ඇත්තේ අදාල තරුණයින් විසින් පොලීසියට ලබා දුන් තොරතුරු අනුව බයි වාර්තා වන්නේ.