විරෝධතාකරුවන් විසින් ගිණිතැබූ ඇමතිවරයෙකුගේ නිවසක් අසලට ගිය ප්‍රදේශවාසීන් අතර සිටි එක් තරුණියක් අපවෙත අපූරු පණිවිඩයක් යොමු කර තිබුනා.

  • උපුටා ගැනීම (නම් ගම් සංස්කරණය කර ඇත) –

අයියෙ මේක හොඳයි කියල හිතනව නම් පළ කරන්න. මගේ ගෙවල් # අයියෙ.

අපේ ගෙවල් පැත්තෙ # ඇමතිගෙ ගේ ගිණිගන්න වෙලාවෙ අපිට ආරංචි වෙලා අපි හැමෝම ගියා ඒක බලන්න.

සෙනග ගොඩක් හිටිය. අපි යනකොටම තමයි ගිණිගන්න පටන් අරන් තිබුනෙ.

එකපාරම අපිත් එක්ක හිටපු පොඩි ගෑනු ළමයෙක් ගේ ඇතුල්ට දිව්ව. හැමෝම කෑ ගැහුව දුවන්න එපා කියල.

තත්පර ගානකින් මේ ළමය අත් දෙකෙන්ම අල්ලන් බුදු පිළිමයක් ගේනව. ඒක අරන් ඇවිල්ල මට දුන්න.

“සාදු පව් අක්කෙ. තව ටිකකින් පිච්චෙනවා. ඔයා ඕක තියාගන්න” කියල මට කිව්ව.

මං කිව්ව ඇයි මට ඔයා අරන් යන්න කියල.

ඒ පොඩි ගෑනු ළමය මට කියපු දෙයින් මට හිතාගන්න බැරි උනා..

” මම මුස්ලිම් අක්කි. එකයි ඔයාට දුන්නෙ” කියල ඒ ළමය යන්න ගියා.

අරගලේ තියෙන්නෙ අපේ හිත්වල නේද.. මේ ගිණිගන්නෙ අරගලේ නේද.. කියල මට හිතුන අයියෙ.

  • උපුටා ගැනීම අවසන් –

බෞද්ධ, දෙමළ මුස්ලිම් කියල වෙන් කරන්න හිතාගෙන මේ උපුටා ගැනීම JUST IN අප පළ නොකලෙමු. අපට අවශ්‍ය වූයේ අපේ හදවතේ තිබෙන අරගලය පෙන්වා දීමට පමණි.

Leave a Reply

Your email address will not be published.