ගාසා තීරය ඉලක්ක කර ඊශ්‍රායලය විසින් තවදුරටත් ගුවන් ප්‍රහාර එල්ල කරමින් සිටිනවා. විදෙස් වාර්තා පැවසුවේ දෙවන දිනයටත් සටන් ක්‍රියාත්මක කරමින් ඊශ්‍රායලය ඊයේ එල්ල කළ එවැනි ප්‍රහාරයකින් ජිහාඩ් ත්‍රස්ත නායකයෙකු ඝාතනයට ලක්ව ඇති බවයි.

නිවේදනයක් නිකුත් කරමින් ජිහාඩ් සංවිධානය පැවසුවේ ඊශ්‍රායලයේ ප්‍රහාර හමුවේ මියගොස් ඇත්තේ සිය සංවිධානයේ ගාසා තීරයේ දකුණු කලාපයේ අණදෙන නිලධාරියා බවයි. 

මේ අතර ඊශ්‍රායලය විසින් ගාසා තීරයේ පිහිටි සරණාගත කඳවුරු ඉලක්ක කර ප්‍රහාර එල්ල කරන බවට හමාස් සංවිධානය චෝදනා කළා. එම ප්‍රහාර හමුවේ ළමුන් 10 දෙනෙකු පමණ මියගොස් ඇති බවයි හමාස් සංවිධානය පැවසුවේ. 

කෙසේවෙතත් ඊශ්‍රායලය මෙම චෝදනා ප්‍රතික්ෂේප කර තිබෙනවා. ඔවුන් පවසන්නේ ජිහාඩ් සංවිධානය විසින් එල්ල කළ රොකට් ප්‍රහාරයක ඉලක්කය වැරදී අදාළ සරණාගත කඳවුරු විනාශ වී ඇති බවයි. 

මේ අතර ජිහාඩ් සටන්කාමීන් ඉලක්ක කර ආරම්භ කර ඇති හමුදා මෙහෙයුම් ඉදිරි සතිය පුරා ක්‍රියාත්මක කරන බවයි ඊශ්‍රායලය අවධාරණය කරන්නේ. 

Leave a Reply

Your email address will not be published.