කොළඹ – බදුල්ල මාර්ගයේ දුම්රිය කිහිපයක් අද(04) සහ හෙට(05) අවලංගු කර ඇතැයි දුම්රිය දෙපාර්තමේන්නතුව සදහන් කරයි.
අධික වර්ෂාව හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ නාවලපිටිය සහ හැටන් අතර දුම්රිය මාර්ගයට පස් කඳු කඩා වැටීමෙන් මාර්ගයේ ස්ථාන කිහිපයක් තවමත් අවහිර වී තිබීම හේතුවෙන් මෙලෙස දුම්රිය කිහිපයක් අවලංගු කර ඇත.
