පසුගියදා රූපවාහිනී වැඩසටහනකට සහභාගි වූ සෙව්වන්දි මෑණියෝ නම් තැනැත්තිය පිළිබඳව මේ වන විට බොහෝ දෙනා කතා කරන්නට පටන්ගෙන තිබෙනවා.
මෙම වැඩසටහන පසුගිය පොහෝ දිනයේ දී විකාශනය වූ අතර එහිදී ඇය විසින් බිත්තරයක් නොබිඳෙන ආකාරය සහ පොල් ගෙඩියක් කෙලින් කරන ආකාරය දැක්වෙන වීඩියෝ දර්ශන මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ හුමාරු වෙමින් පවතිනවා .
ඇය ගාල්ල හපුගල ප්‍රදේශයේ පදිංචිකාරියක් බවත් වසර කිහිපයක් තිස්සේම විවිධ දේවාල කටයුතු කරගෙන එන බවත් අප කළ විමසීමකදී අනාවරණය වුනා.
ඇය විවාහක කාන්තාවක්.
කෙසේ වෙතත් මිථ්‍යා දෘෂ්ටියට හසු නොවී සම්මා දෘෂ්ටියෙන් සියල්ල දෙස බලා තීරණය ගැනීමට කවරෙකු වුවද කටයුතු කල යුතුයි.