රත්නපුර, නාගොඩ, දොඩම්පේ ප්‍රදේශයේදී කළු ගඟ පිටාර ගැලීමෙන් එම දිය පහරට හසුව පුද්ගලයෙක් මියගොස් තිබේ.
එලෙස මියගොස් ඇත්තේ 47 හැවිරිදි දොඩම්පේ ප්‍රාදේශයේ පදිංචිකරුවෙකි.
අදත් (04) සබරගමුව පළාතට මෙන්ම මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ට වැඩි තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.