ආහාර ගැනීමට මුදල් නොමැති වීම හේතුවෙන් බඩගින්න දරාගත නොහැකිව දිවිනසාගත් පියෙකු පිළිබඳ සංවේදී පුවතක් ගල්ගමුව – වලස්වැව ප්රදේශයෙන් වාර්තා වේ.
60 හැවිරිදි මෙම පියා ආර්ථික පීඩනය දරාගත නොහැකිව මෙසේ ගෙල වැලලාගෙන දිවිනසාගෙන තිබෙනවා.
මියගිය පුද්ගලයා පුහුල් වගාවක් කරගෙන ගොස් සිට ඇති අතර පසුගිය කාලයේ පොහොර සහ තෙල් නොමැතිකමින් වගාව සම්පූර්ණයෙන්ම විනාශ වී තිබෙනවා.
“අන්තිම දවසෙ තාත්ත සල්ලි වගයක් හොයාගෙන පාන් පිටි ගෙනල්ල දුන්න.. රොටියක් හදල සීයටත් දෙන්න කියල.. සීය දවස් ගානකින් හරියට කාල හිටියෙත් නෑ.. පස්සෙ මම රොටී හදල සීය බලන්න හේනට ගියා.. ඒත් සීයා ඒ වෙනකොටත්…..”
මියගිය පුද්ගලයාගේ මිණිබිරිය සංවේදී වූයේ එලෙසිනි.