ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගයේ මැයි දින රැළිය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් අති විශාල ජනතා සහභාගීත්වයකින් කොළඹ නිදහස් චතුරස්‍රයේදීයි පැවැත්වුණේ.

ඊට සහභාගීවීම සඳහා පාක්ෂිකයන් පැමිණියේ බොරැල්ල කැම්බල් පිටියේ සිටයි.

සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර, සභාපති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා, ජාතික සංවිධායක තිස්ස අත්තනායක ඇතුළු අති විශාල පිරිසක් මේ සඳහා එක්ව සිටියා.

නිදහසේ අරගලය යන තේමාව යටතේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් එය ආරම්භ වූ අතර ඒ සදහා ද විශාල ජනතාවක් සහභාගී වූ අකාරයක් දැකගත හැකි වුණා.

රටේ අනාගතය භාර ගැනීමට සමගි ජන බලවේගය ඕනෑම අවස්ථාවක සූදානම් බව රැළිය අමතමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අවධාරණය කලේය.

Leave a Reply

Your email address will not be published.