අද වන විට රට තුළ උවමනා තරම් පෙට‍්‍රල් සහ ඩීසල් තොග ඇතැයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සඳහන් කරයි.

මේ මොහොත වන විටත් ඩීසල් හා පෙට්‍රල් ගොඩබාමින් ඇති බවත් තවත් මුදල් ගෙවන ලද නැවක් මුහුදේ නවතා ඇති බවත් ඒ ගොඩබාන ඉඩක් නැති නිසා බවත් හෙතෙම පැවසීය.

එනිසා ජනතාව පෙට්රල් හෝ ඩීසල් පිළිබඳව කිසිදු බියක් තබාගත යුතු නැතැයිද හෙතෙම කියා සිටියේය.

ඉදිරි දින දහය තුළ තවත් ඉන්ධන නෞකා 3ක් මෙරටට ලැබෙන බවද ඒ මහතා පැවසීය.

බලශක්ති අමාත්‍යාංශයේ දී මාධ්‍ය අමතමින් ඔහු මේ බව පැවසීය.

#JustinNews

Leave a Reply

Your email address will not be published.