ඇසළ යනු ඇසළ සහ දළදා පෙරහැර යන දෙකෙහි විලයනයක් යැයි විශ්වාස කෙරේ . ක්‍රි.පූ. 3 වන සියවස සිට පැවත එන ඇසළ පෙරහැර, වර්ෂාව සඳහා දෙවිවරුන්ගෙන් ඉල්ලා සිටීම සඳහා පැවැත්වෙන චාරිත්රයකි. ක්‍රි.ව. 4 වන සියවසේදී බුදුරජාණන් වහන්සේගේ පිරිණිවන් පෑමෙන් වසර 800කට පසු බුදුන්ගේ පූජනීය දන්ත ධාතූන් වහන්සේ දඹදිව සිට ශ්‍රී ලංකාවට වැඩමකරවන විට දළදා පෙරහැර ආරම්භ වූ බව විශ්වාස කෙරේ.

සම්ප්‍රදායට අනුව, හේමමාලා කුමරිය සහ දන්ත කුමරු විසින් දන්න ධාතූන් වහන්සේ ශ්‍රී ලංකාවට වැඩමකරවන ලදී.
ශ්‍රී ලංකාවෙහි මහනුවර නගරයේ වාර්ෂිකව පවත්වන්නාවූ සම්ප්‍රදායික මහෝත්සවයකි, සෙංකඩගල පෙරහැර මංගල්‍යයය. මෙම මංගල්‍ය් ශ්‍රී දළදා මාළිගාව සහ හතර මහා දේවාල මගින් සංවිධානය කෙරේ. ඇසළ පසළොස්වක පොහොය දිනයෙන් ඇරඹෙන ඇසල මංගල්‍යයේ වඩාත්ම ජනප්‍රිය අංගය නිකිණි මස පවත්වන්නාවූ පෙරහැර මංගල්‍යයයි. මෙම උළෙල, ශ්‍රී ලංකාවට අනන්‍ය වූ සංඛේතයක් බවට පත් වී ඇත. මෙය නර්තනයන්ගෙන් සහ අගනා ලෙස සරහූ හස්තීන්ගෙන් සමන්විත වූ බෞද්ධ උළෙලකි.මෙහි ගිනි බෝල කරුවන්ගේ නර්තන, කස කරුවන්, උඩරට නර්තන සහ අනෙකුත් විවිධ සංස්කෘතික නර්තනයන් ඇතුලත් වේ.පෙරහැරේ අලි ඇත්තු අධික ලෙස වියදම් කර නිමවූ මනරම් වස්ත්රයන්ගෙන් සැරසෙති. මෙම උළලෙහි නිමාව සනිටුහන් වනුයේ නිකිණි පසළොස්වක දිනයේ පවත්වන සම්ප්‍රදායික දිය කැපීමේ මංගල්‍යයයෙනි.














