හෙට දිනයේ පාර්ලිමේන්තුවේ දී පැවැත්වෙන ජනාධිපතිවරයෙකු තෝරා ගැනීමේ ඡන්ද විමසීමේ දී සමගි ජන බලවේගය මන්ත්රීවරුන් 17 දෙනෙකු රනිල් වික්රමසිංහට සහාය පළ කිරීමට එකඟතාවයකට පැමිණ ඇති බව වාර්තා වෙයි.
එමෙන්ම ශ්රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන මන්ත්රීවරුන් 14 දෙනාගෙන් එකොළොස් දෙනෙකුම රනිල් වික්රමසිංහට සහාය දෙනු ඇති බව ද වාර්තා වේ.
දෙමළ ජාතික සන්ධානයේ ද මන්ත්රීවරුන් බහුතර ප්රමාණයක් රනිල් වික්රමසිංහට සහාය දීමට මේ වන විටත් එකඟතාවයට පැමිණ තිබේ.
සමගි ජන බලවේගයේ මන්ත්රීවරුන් සමඟ තවදුරටත් සාකච්ඡා පැවැත්වෙමින් ඇති අතර බොහෝ දුරට වික්රමසිංහට සහාය දෙන ප්රමාණය තවදුරටත් ඉහළ යා හැකි බව ද දැනගන්නට තිබේ.