අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂට ධුරයෙන් ඉල්ලා අස් නොවන්නැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පිරිස් විසින් බලපෑම් කරමින් ඇතැයි වාර්තා වෙයි.
ධුරයෙන් ඉවත් නොවී පාර්ලිමේන්තුවේ බහුතරය මත ඇමතිවරයා තීරණය වීමට ඉඩ දෙන්නැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් අග්‍රාමාත්‍යවරයාට ඉල්ලීම් කර තිබේ.
ජනාධිපතිවරයා විසින් ඊයේ පැවති විශේෂ කැබිනට් රැස්වීමේදී ධුරයෙන් ඉල්ලා අස් වන්නැයි අග්‍රාමාත්‍යවරයාට දැනුම් දී තිබුණු නමුත් අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම්වරයා සඳහන් කළේ එවන් ඉල්ලීමක් නොකළ බව අග්‍රාමාත්‍යවරයා විසින් තහවුරු කළ බවයි.
මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල සඳහන් කරන්නේ ගෞරවනීය ලෙස ධුරයෙන් විශ්‍රාම යාමට අග්‍රාමාත්‍යවරයාට ඇති අවස්ථාව පොහොට්ටුවේ දුෂිත කපුටු රැලක් විසින් වළක්වාලමින් සිටින බවයි.