ආණ්ඩුවේ මැදිහත්වීම මතය ඉන්ධන වල ප්‍රමිතිය වෙනස් කර ඇති බව ඉන්ධන විදුලි සහ ජල ඒකාබද්ධ වෘත්තීය සමිති සම්මේලනයේ කැඳවුම්කරු ආනන්ද පාලිත මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ මේ වන විට පෙට්‍රල් වලට සහ ඩීසල් වලට භූමිතෙල් කලවම් කර ඇති බවට සැලකෙන ඉන්ධන සාම්පල පවා අදාල බලධාරීන්ට ලබා දී ඇති බවයි.

කෙසේ වෙතත් මෙරට දී සිදු කෙරුණ අදාළ පර්යේෂණ සම්බන්ධයෙන් විශ්වාසයක් ඇතිකර ගත නොහැකි වීම මත අදාල සාම්පල සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් සිදුකරන ලෙස තමන් ඉල්ලා සිටි බවත් ආණ්ඩුව සැලසුම් සහගතව එම පර්යේෂණ මගහරිමින් සිටින බවද ආනන්ද පාලිත මහතා සදහන් කළේ යූටියුබ් නාලිකාවක් සමඟ විශේෂ වැඩසටහනකට එක්වෙමිනි.

එම තත්ත්වය තුළ මෙරට රථවාහන රැසක් බරපතල අවදානමකට මුහුණ දී ඇති බවද ඔහු පෙන්වා දී තිබේ.

එමෙන්ම තවදුරටත් මෙරට ට ඉන්ධන ආනයනය කිරීමේදී සිදුවන බරපතල අක්‍රමිතා රැසක් පිළිබඳවද පාලිත මහතා එහිදී කරුණු හෙළිකරයි.

Leave a Reply

Your email address will not be published.