ආසියානු කුසලානය සඳහා ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පැවති තරගයෙන් ඉන්දීය කණ්ඩායම පරදවා ශ‍්‍රී ලංකා කණ්ඩායම කඩුළු 06ක ජයක් ලබා ගත්තේ ය.

කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරාධනය අනුව මුලින් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 173ක් ලබා ගත්තේය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 19.5 කදී කඩුළු 04ක් දැවී ඉලක්කය පසු කර ගියේය.

ඒ අනුව ශ‍්‍රී ලංකාව තරගාවලියේ අවසන් තරගය සදහා පිවිසීමේ වැඩිම ඉඩක් ඇති අතර ඉන්දියාව අවසන් තරගයෙන් විසිවීමේ වැඩිම අවදානමක් මතුව ඇත.

Leave a Reply

Your email address will not be published.