ගෝඨා රනිල් හවුල් ආණ්ඩුවේ මුල්ම කටයුත්ත ලෙස සල්ලි අච්චු ගැසීමට සූදානම් වන බව බීබීසී සන්දේශය වෙබ් අඩවියට ප්‍රකාශ කර තිබේ.

එම වෙබ් අඩවියේ මාධ්‍යවේදී රංග සිරිලාල් සමඟ ඊයේ (13) පවත්වන ලද සම්මුඛ සාකච්ඡාවකදී මේ බව ප්‍රකාශ කර ඇත. රටේ මේ වනවිට පවතින දරා ගත නොහැකි බඩුමිල ඉහල යාමට ප්‍රධාන හේතුව වූයේ 2020 ජූනි මාසයේ මුදල් අච්චු ගසා බෙදන ලෙස ගෝඨාභය රාජපක්ෂ විසින් මහබැංකුවට තර්ජනය කිරීම අනුව අසීමිතව මුදල් අච්චු ගසා බෙදා හැරීම ය.

ගෝඨාභය බලයට පත්වීමෙන් පසුව රුපියල් ට්‍රිලියන තුනක සල්ලි අච්චු ගසා ඇති බවත් එයින් දැන් ඉතිරිව තිබෙන්නේ රුපියල් බිලියන 100ක් බවත් රනිල් වික්‍රමසිංහ සඳහන් කරයි. පාර්ලිමේන්තුවේ අනුමැතිය ගෙන නැවත සල්ලි අච්චු ගැසිය යුතු බවද එසේ නොකළ හොත් රජයේ සේවකයන්ට වැටුප් ගෙවීමට පවා නොහැකි බව ද ඔහු ප්‍රකාශ කර තිබේ.

Leave a Reply

Your email address will not be published.