අද (11) පෙ.ව. 10:00 ට පැවැත්වීමට නියමිතව තිබූ පක්ෂ නායක රැස්වීම පාර්ලිමේන්තු මන්ත්රීවරුන්ගේ ආරක්ෂාව පිළිබඳ අවධානය යොමු කිරීම හේතුවෙන් අවලංගු කළ බව කථානායක මහින්ද යාපා අබේවර්ධන පැවසීය.
පාර්ලිමේන්තු විශේෂ සැසිවාරයක් කැඳවන්නේ පාර්ලිමේන්තු මන්ත්රීවරුන්ගේ ආරක්ෂාව තහවුරු කළ පසු පමණක් බවද කථානායකවරයා ප්රකාශ කළේය.