යළි කිසි දිනෙක ශ්‍රී ලාංකික ජනතාවට රු. 100ට අඩුවෙන් සහල් ලබාගත නොහැකි බව කෘෂි කර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසයි. ඔහු අවධාරණය කරන්නේ පවතින මිල වැඩිවීම මත යළි රු. 100කට අඩුවෙන් කිසි දිනෙක සහල් කිලෝවක් ලබාගැනීමට නොහැකි වනු ඇති බවයි.

එමෙන්ම ලබන වසරේ සිට වී ඒකාධිකාරය බිඳ දමමින් රජය මැදිහත් ව වී විකිණීමට කටයුතු කරන බවත් එතෙක් ප්‍රධාන සහල් මෝල් හිමියන් විසින් රටතුල සහල් විකිනීම ප්‍රධාන වශයෙන් සිදු කරන බවත් ඔහු පැවසීය.

අමාත්‍යවරයා මෙම අදහස් පළ කලේ ඊයේ කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය.

Leave a Reply

Your email address will not be published.