මේ මොහොතේ තමා රජයේ කිසිදු තනතුරක් භාර  නොගන්නා බව සිරදඬුවමින් නිදහස් වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා ඊයේ (28දා) පැවැසීය. එසේ තනතුරක් භාර ගතහොත් එය ඩීල් එකක් ලෙස සිතිය හැකි බවත් ජනතාවට සේවය කිරීම සඳහා තනතුරු අවශ්‍ය නැති බවත් ඒ මහතා කීවේය.

විදේශ සේවා, කම්කරු හා වෘත්තීය පුහුණු ඇමැති මනුෂ නානායක්කාර මහතා විසින් රන්ජන් රාමනායක මහතාට ලබාදීමට යෝජනා කළ විදේශගත සේවා නියුක්තිකයන් වෙනුවෙන් වූ තානාපති තනතුර සම්බන්ධව කළ විමසීමේදී ඒ මහතා එසේ පැවැසීය. තමා තවදුරටත් විදේශගත සේවා නියුක්තිකයන් වෙනුවෙන් සේවය කරන බවත් ඉදිරියේදී චිත්‍රපට කිහිපයක රඟපෑමට නියමිත බවත් රන්ජන් රාමනායක මහතා කීවේය.

Leave a Reply

Your email address will not be published.