තමා සිදුකල ප්‍රකාශයක් බවට දෙරණ මාධ්‍ය ජාලයට අයත් පුවත්පතක් වන “අරුණ” පුවත්පතේ අද දින පළ කර තිබූ ප්‍රවෘත්තිය පිළිබඳ එම පුවතේ සඳහන් පැතුම් කර්නර් මහතා සිය ෆේස්බුක් ගිණුමේ මෙසේ සටහනක් තබා ඇත.
- උපුටා ගැනීම
පසුගිය දා ගෝල්ෆේස් එකේ සිදු වූ සිද්ධියෙන් පසුව පුවත් පත් කීපයකින් මාගේ ප්‍රකාශ ලබාගත් අතර, එවාට මෙවන් ප්‍රකාශයක් ඉදිරිපත් නොකළ බව කරුණාවෙන් දැනුම් දෙමි.
ඒ සම්මුඛ සාකච්ඡා පටිගත වූ ඒවා වන අතර, එසේ මා ප්‍රකාශ කලේ නම්, මෙම ආයතන වලට ඒවා ඉදිරිපත් කිරීමේ හැකියාව තිබේ.
මෙය අරගලය තුල අසමගිය ඇති කිරීමට දැරූ උත්සාහයක් බව කරුණාවෙන් සළකන්න.
පැතුම් කර්නර්