ආර්ථික අර්බුදය දරාගත නොහැකිව අකාලයේ සිය ජීවිතයෙන් වන්දි ගෙවූ තරුණයෙකු පිළිබඳ අවාසනාවන්ත පුවතක් වැලිමඩ ප්රදේශයෙන් වාර්තා වේ.
මේ පිළිබඳ ඔහුගේ මිතුරෙක් ෆේස්බුක් ගිණුමේ තබා තිබූ සටහනක් පහතින් දැක්වේ.
- උපුටා ගැනීම
මචං වැලිමඩ ඉදලා ඉගෙනගෙන පට්ට කට්ටක් කාල A/l ගොඩ දාල මාර අමාරුවෙන් රජරට වගේ දුර තියෙන කැම්පස් එකකට ගිහින් ,
සල්ලී අතේ නැතුව පාට් ටයිම් ජොබ් කරලා,කට්ට කාල,යාළුවෙකුගෙන් කීයක් හරි ඉල්ල ගෙන ඉගෙන ගෙන එලියට එද්දී ජොබ් එකක් නැතු වුනාම,අතේ සතේ නැති උනාම, අම්මට තාත්තට සලකන්න අතේ සතේ නැතු උනාම,පොඩි නංගි කෙනෙක් මල්ලී කෙනෙක් ඉන්න ගෙදරක ලොකු අයිය කෙනෙක් අක්ක කෙනෙක් වුනාම
දැනෙන පීඩනය උඹලට දැනිල නෑ නේද?
අම්මට තාත්තට ලෙඩ වෙලා බෙහෙත් ටිකක් අරන් දෙන්න සල්ලී නැති උනාම,හොස්පිටල් එකකට අරන් යන්න ප්රෙට්රල් නැති උනාම තියෙන පීඩනය උඹට දැනිලා නෑ නේද?
බෙල්ල වැල දාගන්න තරම් පීඩනයක් උඹලට දැනිලා නෑනේද?
මගේ යාළුවෙක්ට මේ ඔක්කොම දැනිලා අද බාල්කෙක එල්ලුනා බන්.
පණ නහගන්න එක වැරදියි.. නමුත් මෙහෙම ඉස්සරහට ගියොත් උබටත් ඒ උත්තරේට යන්න හිතෙයි..