පසුගිය මැයි මස 09 වන දින සිදුවූ කලහකාරී සිදුවීම් වලට සම්බන්ධව ඊයේ දිනය වනවිට සැකකරුවන් 3310 අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය නිවේදනය කරයි.

මෙම පිරිසෙන් සැකකරුවන් 1182 රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති අතර අනෙක් සැකකරුවන් පිරිස ඇප මත මුදාහැර ඇතැයි ද පොලිසිය පවසයි.

එදින දිවයින පුරා සිදුවීම් අටසිය පනස් අටක් සිදුව ඇති බවත් එම සිදුවීම්වලට අදාලව පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බවත් තවදුරටත් පරීක්ෂණ සිදු කරමින් සිටින බවත් පොලිසිය වැඩිදුරටත් කියා සිටියි.

Leave a Reply

Your email address will not be published.