මුලතිව් සෙම්මලෙයි මුහුදේ දිය නෑමට ගොස් සිටියදී මුහුදේ ගිලී අතුරුදන් වූ යාපනයේ එකම පවුලේ සහෝදරයින් තුන් දෙනාගෙන් දෙදෙනකුගේ මළ සිරුරු 11 වැනිදා මුලතිව් නයාරූ ප්රදේශයට ගොඩ ගසා තිබියදී සොයා ගෙන තිබේ.
මෙසේ අතුරුදන්ව සිටියේ යාපනයේ, අලම්පිල් ප්රදේශයේ සිට මුලතිව් ප්රදේශයට පැමිණ විනෝදයට මුහුදේ දිය නාමින් සිටි තරුණයන් දොළොස්දෙනකු අතර සිටි එකම පවුලේ සහෝදරයන් තිදෙනෙකි.

දැනට පද්මනාදන් විජිත් (26) සහ පද්මනාදන් විලින්ද්රන් (23) යන දෙදෙනාගේ මළ සිරුරු හමු වී ඇත. පද්මනාදන් ක්ලින්රන් (29) යන අය තවමත් අතුරුදන්ය.
හමු වූ මළසිරුරු දෙක මුලතිව් රෝහලට පරීක්ෂණ කටයුතු සඳහා රැගෙන විත් ඇත. මුලතිව් පොලිසිය සිද්ධිය පිළිබඳව පරීක්ෂණ පවත්වයි.
දිනසේන රතුගමගේ