කැරැල්ලක් නිර්මාණය වුවහොත් එය මැඩ පැවැත්විය හැක්කේ මර්ධනයකින් පමණක් බව පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා.
රට වෙනුවෙන් ඉටුකරන යහපත් කාර්යයන් වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහට උපරිම සහය දෙන බවයි මන්ත්‍රීවරයා කියා සිටියේ.
මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කලේ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සමග නෙලූම් මාවත පොදුජන පෙරමුණේ පක්ෂ කාර්යාලයේ පැවති සාකච්ඡාවකින් පසු මාධ්‍යයට අදහස් දක්වමින්.